Friday, July 8, 2016

කොටින් ගේ පාළන ප්‍රදේශයට ගියෙමි

 


2002 වසරේදී කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සමාදාන ගිවිසුම අත්සන් කරන කාලයේදී මම වෛද්‍යවරු කණ්ඩායමක් සමග කොටි පාලන ප්‍රදේශ වූ වෙල්ලාලකුලම් සහ මුලන්ඟාවිල් වෙත ගියෙමු. මෙම ප්‍රදේශ වලදී අප සිවිල් ජනතාව සඳහා වෛද්‍ය සායන පැවැත්වූයෙමු. මෙම ප්‍රදේශ සියල්ලම එල්.ටී.ටී.ඊ අණසක යටතේ තිබුනි. එසේම අපව නිරීක්‍ෂණය කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් යුත් එල්.ටී.ටී.ඊ කාඩරයන් කිහිප දෙනෙකු සායනේ තැනි තැන රැඳී සිටියහ​. 
යුද්දය නිසා ද්‍රවිඩ සිවිල් ජනතාව ඉමහත් දුක්ඛිත තත්වයට පත්ව තිබුනේය​. ළමුන් අතර මන්දපෝෂණය බහුල විය​. එසේම සිවිල් ජනතාව යුද ආතතිය නිසා ක්ලමථයටද පත්ව සිටියහ​. 

මෙම ගමනේදී කතෝලික පූජකයෙකු වූ අත්පුතරාජ් පියතුමා අපව අන්බහම් ළමා නිවාසයට ගෙන ගියේය​. එම ළමා නිවාසයේ  යුද්දයේ අහිංසක  වින්දිතයන් වූ ළමුන් බොහෝ දෙනෙකු වූහ​. වයස අවුරුදු නවයක් පමණ වූ එක් දැරියකගේ දකුණු අත කපා තිබුනේ වෙඩි පහරක් ලැබීම නිසාය​. මේ දැරියගේ නම  කසන්ජා ය.  ඇය හමුදාවත් එල් ටී ටී ඊයත් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී (යුද්දයේ)  කොලැටරල් හෙවත් සමපාර්ශිවික  වින්දිතවරියකි. තවත් ළමයෙකු හෙලිකොප්ටර් හඞට බිය වෙයි. එසේම ඔහුට මුත්‍රා පහවෙයි. මෙහි සිටි ළමුන් ගනනාවක් ළමා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ පෙන්වූහ​.    

මුලන්ගාවිල් හි සායනයකදී හිටපු කොටි ප්‍රහාරක සාමාජිකයෙක් මගෙන් බෙහෙත් ගැනීමට ආවේය​. අලිමංකඩ සටනේදී ඔහු තුවාල ලබා තිබේ. ඔහු ඇවිදින්නේ කිහිලිකරුවක ආධාරයෙනි. ඔහුගේ බඩට වැදී තිබූ වෙඩි පහරවල් ද හෙතෙම කමිසය ඔසවා මට පෙන්වීය​. 

අපගේ වෛද්‍යවරු අතර සිටි දෙමල දත් වෛද්‍යවරු වූ වෛද්‍ය වොශින්ටන් සහ වෛද්‍ය ෆර්ඩිනන්ඩ් එල්. ටී.ටී.ඊ නිල ඇඳුම් ඇඳ සිටි කාඩරවරුන් සමග කථා කලෝය​. ඔවුන් තවමත් ළමා වයසේ සිටි නමුදු ආයුධ සටන් දන්නා සෙබළු වූහ​. ඔවුන් උත්තර දුන්නේ එතරම් ගරුසරුවකින් නොවේ. 

සායනයෙන් පසු දිවා ආහාරය සඳහා අසල තිබූ පාසලක් වෙත අපව රැගෙන යන ලදි. ශෙල් සහ ආර්ටිලරි ප්‍රහාර නිසා අවට නිවාස ගරා වැටී තිබේ. නමුත් පාසල කිසියම් හේතුවක් නිසා සුරක්‍ෂිතව ඉතිරිව ඇත.  

දිවා අහාරය  ඉස්සන් කකුලුවන් පොකිරිස්සන් සහිතව ඉතා ප්‍රණීත ලෙස  සකස් කොට තිබුනි. අපට සංග්‍රහ කිරීම පිණිස රූමත් ද්‍රවිඩ තරුණියන් කිහිප දෙනෙකුද වූහ​. නමුත් පසුව හෙලි වූයේ ඔවුන් ද එල්. ටී.ටී.ඊ සාමාජිකාවන් බවය​. 

පුරා දින දෙකක් තුල පැවත්වූ වෛද්‍ය සායන නිමවා අප කොලඹ එන්නට සූදානම් වූයෙමු. සමහරු එකල කොටින් විසින් පෙරා විකුනන ලද අරක්කු විශේෂයක් මිලට ගත්හ​. අප මේවා බාලසිංහම් ස්පෙෂල් ලෙස නම් කලෙමු. බාලසිංහම් ස්පෙෂල් සුදු පැහැයෙන් යුතු වූ අතර තල් වලින් පෙරන්නක් බව දැනගන්නට ලැබුනි. 

ඒ කාලයේ කොටින් ඒ 9 මාර්ගයේ ගිය වාහන වලින් බදු අය කරගත්තද අපගේ වාහනයෙන් බදු නොගත්තේ අප වෛද්‍ය සායනයක් කිරීමට දකුනින් ආ වෛද්‍යවරු  වූ නිසාය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ළමා සොල්දාදුවො? කොටින් ගෙ? වෙන්න බෑ ඩොක්... වෙන්නම බෑ.. ඔන්න ආමි එකේ නම් වෙන්න පුළුවන්. කොටි එහෙම කරන්නෑ.
    මේ පෝස්ට් දකින්න දකින්න යුද්ධෙ අවසන් කරපු එක ගැන සතුටක් වැඩි වෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  2. ආයෙත් එහෙම කාලයක් උදා නො වේවා පතමු...

    ReplyDelete
  3. යුද්දෙන් පස්සේ යටත්වුනු/භාරවුණු LTTE සාමාජිකයන් පුනරුත්තාපනය කිරීමේ කාර්යයට කෙටිකලක් උරදෙන්නට සිදුවුණා. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය, ඇත්ත වශයෙන්ම තමන් රැවටීමකට ලක්ව සිටිබව ඔවුන් අතරට LTTE සාමාජිකයන් මෙන් රිංගවා සිටි අපේ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. තමලීනීගේ පොත කියවනකොට තේරෙනවා දෙමල ජනයා කොතරම් මුග්ධ හීන වල කොටි ඔබ්බවලා තිබ්බද කියලා

      Delete
    2. ලාංකීය දෙමළ ජාතිවාදය කොටි සංවිධානයට ඌණනය කිරීම බරපතල වරදක්.
      ලාංකීය දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් වින්නඹුකම් කර බිරිතානීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක්.
      ලංකාවට නිදහස ලැබෙනවිට මෙරට පැවතුනේ ආතර් සී ක්ලාර්ක් ගේ විද්‍යා ප්‍රබන්ධවල දැක්වෙන ලංකාව බඳු ලන්සි/දෙමළ ආධිපත්‍යයක් සහිත රටක් ලෙසයි.
      ලංකාවට නිදහස ලැබීමෙන් පසු මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාව පිලිගැනීමට අකමැතිවූ බර්ගර්වරු ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වුනු අතර;
      චෙල්වනායගම් වැනි දෙමළ ටොයියන් මධ්‍යයේ බලය ඇල්ලීම වෙනුවට රටෙන් කොටසක (තම ජනගහනය මෙන් 3 ගුණයක) බලය ඇල්ලීමට කටයුතු කලා.
      පසුව මෙම දෙමළ ජාතිවාදයේ ජනප්‍රිය නායකත්වය අමිර්තලිංගම් වැනි දෙමළ බයියන් අතට ගියා. ඉන්පසු එය කොටි සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන අතට දෙමළ ජාතිවාදයේ ජනප්‍රිය නායකත්වය මාරුවුනා.

      //තමලීනීගේ පොත කියවනකොට තේරෙනවා දෙමල ජනයා කොතරම් මුග්ධ හීන වල කොටි ඔබ්බවලා තිබ්බද කියලා

      ඉහත කරුණට ඔබ්බෙන් ගිය ජාතිවාදයක් ඇතිබව වටහාගත යුතුයි.

      Delete
  4. ලන්දේසීන් විසින් උතුරු පලාතේ වෙල්ලාල ආධිපත්‍යයක් ඇතිකල පසු එහි මුල් පදිංචි කරුවන් වූ සිංහල සහ වැදි ජනතාව, අඩු කුලයේ දෙමළුන් බවට පත්වුනා. LTTE සාමාජිකයන් බහුතරයත් මෙසේ දෙමළකරනයට ලක්වූ සිංහලයන්. මෙම පනිවිඩය හැකි උපරිම අන්දමින් දෙමළු අතර පැතිරවීමට සිංහලයන් දක්ෂ විය යුතුයි. දෙමළු එය ප්‍රතික්ෂේප කලත් ගැටළුවක් නෑ. වඩා වැදගත් වන්නේ එවැනි මතයක් ඇතිබවට දැනුවත් වීමයි.

    ReplyDelete
    Replies
    1. දෙමළකරනයට ලක්වූ සිංහලයන් මට හමුවී තිබෙනවා මුන්දලමේ , මීගමුවේ

      Delete
  5. රුවන් වින්දිතයන් යනුවෙන් පරිවර්තනය කලේ victims කියන එකද?

    කොහොම හරි ඒ වෙනකොට රුවන් යුද හමුදා රෝහලේ නෙවෙයි වැඩ කලේ නේද?
    එහෙ ගිහිල්ල වැඩකරන අතරේ සාම ගිවිසුම උල්ලංඝනය වෙලා ආපහු පටන් ගත්තා නම් කොහොම වෙයිද කියලත් හිතෙනවද A9 පාරෙ යනකොට?

    ReplyDelete
    Replies
    1. වින්දිතයන් යනුවෙන් පරිවර්තනය කලේ victims කියන එකද? - Yes

      ඒ වෙනකොට මම හිටියේ හලාවත රෝහලේ , නමුත් ඉන් මාස කීපයකට පසු මම හමුදා රෝහලේ සේවයට එනවා

      හෙ ගිහිල්ල වැඩකරන අතරේ සාම ගිවිසුම උල්ලංඝනය වෙලා ආපහු පටන් ගත්තා නම් අපව බලෙන් රඳවාගෙන තුවාල වෙන කොටින් ගේ ප්‍රතිකාර වලට දායි

      Delete
  6. ගෙෘව්රවනීය සාමයක් ඇතිකරගැනීමට දෙමල ජනතාවට තිබුන අවස්ථාව සාම ගිවිසුම කඩ කිරීමෙන් ප්‍රභාකරන් විසින්ම නැතිකර දැමුවා,

    ReplyDelete
    Replies
    1. මීට පෙරත් ඔහොම දෙයක් වුනා.
      වෙනම රටක් ලබාගැනීමට තිබුනු අවස්ථාව 50:50 ඉල්ලීම නිසා නැතිවුනා.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook