Monday, March 27, 2017

මේඩ් ඉන් එංගලන්ත අපරාදේ කෑලි දෙකයි

 


"මේඩ් ඉන් එංගලන්ත අපරාදේ  කෑලි දෙකයි "  යන වචන  සෙට් එක තිබුනේ කන්දේ ගෙදර ටෙලි නාට්‍යයයේය​. පුතා ගේ අළුත ගෙනා මනමාලිය අතින් කෝප්පයක් හදිසියේ බිඳී යන අතර කන්දේ ගෙදර හාමිනේ හෙවත් නැන්දම්මා ඔළුවේ අත ගහගෙන " මේඩ් ඉන් එංගලන්ත අපරාදේ   කෑලි දෙකයි " කියමින් විස්සෝප වෙන්නීය​. 

වරක් හලාවත රෝහලේදී රෝගීන් ගේ ඔක්සිජන් ප්‍රමාණය සහ නාඩි ගනනය කරන ඇඟිල්ලට මුදුවක් ලෙස පලඳවන පල්ස් ඔක්සි මීටරය බිම වැටී කැඩී ගියේය​. මෙය දුටු දීපා මිස් ඔළුවේ අත ගසා ගත්තේ ශල්‍යාගාරයේ හෙදි සොහොයුරියගෙන් ඒකාන්ත වශයෙන් ඇය බැණුම් අසන නිසාය​. දීපා මිස් ඉතා දුකෙන් පල්ස් ඔක්සි මීටරයේ කෑලි ඇහිඳින විට මම ඇයට කිට්ටු වී " මේඩ් ඉන් එංගලන්ත අපරාදේ   කෑලි දෙකයි " කියා කීවෙමි. 

" මේඩ් ඉන් එංගලන්තද ඇමරිකාද මම දන්නේ නෑ ඩොක්ටර් දැන් මට සිස්ටගෙන් විසුමක් වෙන්නේ නෑ. දැන් මාව අල්ල ගෙන මරාගෙන කයි " කියා දීපා ශෝකී හඞකින් කීවාය​. 

මම පල්ස් ඔක්සි මීටරයේ කෑලි අතට ගත්තෙමි. මෙය දැන් කොලඹ ඒජන්තයන් වෙත යවා අළුත් වැඩියා කර ගත යුතුය​. එයට ලිපි ලියා අනුමැතිය ගෙන කොලඹ යවා යළි ගෙන්වා ගන්නා විට මාස තුනක් වත් ගතවේ. එතෙක් ශල්‍යාගාරයේ නිර්වින්දනය කරන රෝගීන්ව නිරීක්‍ෂණය කිරීමට පල්ස් ඔක්සි මීටරයක් නැත​. ඊටත් වඩා හෙට හෙද සොහොයුරිය ආ විට දීපා හෙදියට බැණුම් කප්පරකි. 

මම මොහොතක් කල්පනා කලෙමි. ශල්‍යාගාරයේ විදුලි උපකරණ අළුත් වැඩියාව දන්නා ඇටෙන්ඩන්වරයෙකු සිටියි.  ඔහු වරක් මගේ කැඩුනු රේඩියෝවක් හදා දුන්නේය​. එසේම හොඳ අත් ගුණයක් ඔහුට තිබේ. මම මෙම ඇටෙන්ඩන්වරයාට කතා කොට  පල්ස් ඔක්සි මීටරයේ කෑලි ඔහුගේ අතට දුන්නෙමි. ඔහු තම ගමන් මල්ල ඇර ඉස්කුරුප්පු වගයක් ගත්තේය​. 

පැය භාගයක් පමණ ඔහු පල්ස් ඔක්සි මීටරය සමග පොර බැදුවේය​. යම් ලෙසකින් මෙය තවත් කැඩුනොත් වගකීම දැන් මගේ උරමතය​. මටද සිස්ටර් ගෙන් දෙහි ගෝනියක් ලැබෙනු ඇත​. මමද නොසන්සුන් වූයෙමි. 

ඇටෙන්ඩන්වරයා පල්ස් ඔක්සි මීටරයේ කැඩුනු කෑලි සූක්‍ෂම ලෙස මල්ටි බොන්ඩ් වලින් අලවා එහි වයර් නියමිත පරිදි සවි කොට " සර් දැන් ගහන්න බලන්න කියා ඔහු පල්ස් ඔක්සි මීටරය මගේ අතට දුන්නේය​. මම එය නියමිත පරිදි සවි කොට රෝගියෙකු ගේ මැද ඇඟිල්ලට පැළඳුවෙමි. එය බබා සේ වැඩකරයි. 
කැඩී ගිය බවක් පෙනෙන්නේද නැත​. 

මෙම ඇටෙන්ඩන් වැඩකාරයෙකි. මෙවැනි නිල නොවන දක්‍ෂයන් ගෙන් රෝහලේ කැඩී බිඳී තිබෙන උපකරණ ඒජන්ත බහිරවයන්ට මුදල් ගිලීමට නොදී අළුත් වැඩියා කර ගත හැකිය​. එහෙත් ඊට අන්තර්  දෘෂ්ටිය බොහෝ ආයතන ප්‍රධානීන්ට නැත​. 

පල්ස් ඔක්සි මීටරය නියමිත පරිදි වැඩ කරන නිසා දීපා සැනසුම් සුසුම් හෙළුවාය​. " අම්මේ යන්තම් ඇති " ඇය මටත් ඇටෙන්ඩන්වරයාටත් ස්තූති කලාය​. 

තවත් වසර කීපයක් රෝහලේ සේවය කල මෙම ඇටෙන්ඩන්වරයා තම හැකියාවන් වලට ලංකාවේ  යෝග්‍යාවස්ථාවන් අඩු   නිසාදෝ ඉතාලිය බලා යන ට්‍රෝලරයක නැග ඉතාලි ගියේය​. දැන් ඔහු ඉතාලියේ ජීවත් වන බවත් හොඳ රැකියාවක් කරන බවත් පසුව මට දැන ගැනීමට ලැබුනි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

10 comments:

  1. ඔය වගේ මිනිස්සු වැඩට දාගත්තම හම්බවෙන කොමිස් එක නැතිවෙනවනෙ. ඔය වගේ මිනිස්සුංගෙන් ප්‍රයෝජන ගන්න කාලයක් එන්න ලංකාව අනික්පැත්ත පෙරලන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. තවත් පැත්තක් තියනවා ඔය උපකරණ හදන්න ගිහින් කැඩුනොත් ඒකේ වගකීම කව්ද ගන්නේ ? ඒ නිසා කන් ්ඩම් කරපු උපකරණ හදන්න මේ අයට දීම හොඳයි කියා සිතනවා

      Delete
  2. විශ්වවිද්‍යාලෙ ඉන්නේ කාලේ ඔයවගේ හැකියාවන් තිබුන TO මහත්තුරු එක්ක කැඩුණු Spectrometers, GC වගේ බඩු එක්ක ඔට්ටු වීමෙන් ලැබුණු පන්නරයෙන් තමයි මේ දැන් SEM, TEM වගේ ඒවගේ වුනත් පොඩි ලෙඩකට අතගහන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

    ගොඩක් high tech මැෂින් පාවිච්චිකරන අය ඒවගේ output එක එන්නේ කොහොම කියන එක ගැනත් limitations ගැනත් අවබෝධයක් නැති කමත් අපේ රටේ මම දුටු විශාල අඩුවක්.

    Bio/Maths වල තිබෙන සුවිසල් බෙදීම ගැන අපි නැවත හිතන්න ඕනේ කාලේ ඇවිල්ල කියන එකත් මතක් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. Bio/Maths වල තිබෙන සුවිසල් බෙදීම ගැන අපි නැවත හිතන්න ඕනේ //////++++++++

      Delete
  3. ඔයි නට් අැන්ඩ් බෝල්ට් හාදයන්ගේ කරදරයෙන් බේරෙන්න තමයි සිස්සත්තේ කියල විභාගයක් තියල උන්ව පේල් කරල දාන්නේ, නැතිනම් මලකඩ කඩන ජොබ් එක කරන්න එකෙක් බේතකට හොයගන්න ලැබෙන්නේ නෑ.

    ReplyDelete
  4. අපරාදෙ බුද්ධි ගලනය..ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න රට දන නැත්තං ඒක ජාතියේ කරුමෙ

    ReplyDelete
  5. කියවන්න

    http://atsudarshana.blogspot.com/

    ප්‍රියන්ත-

    ReplyDelete
  6. ඒ අටෙන්ඩරයාට ජයම වේවා!අපේ රටට බැරි උනාට ඉතාලිය මිනිහගෙන් හොඳට වැඩ ගනියි

    ReplyDelete
  7. මගේ අත් දැකීම අනුව මට හමුවු විදේශීය උපාධිදාරින් ගේ න්‍යාත්මක(theoretical and analytical knowledge) දැනුම පාපේක්‍ෂව අඩුයි දේශිය උපාදිධාරින්ට වඩා . මම කියන්නේ ඉංජිනේරු ෂේූත්‍රය ගැන. එහෙත් ඔවුන් PR ගේ එක වඩා හොඳයි දේශිය අයට වඩා. මේක ඔවුන් ගේ පවුල් පසුබිමට අදාල එකක් නොවේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook