Monday, December 4, 2017

දේසේ හැටියට බාසේ


මගේ මව කොලඹ ආනන්ද මහා විද්‍යාලයේ වසර 10 ආසන්න කාලයක් ගුරුවරියක ලෙස සේවය කොට ඉන් පසු විද්‍යාල කීපයක විදුහල්පතිනිය ලෙස කටයුතු කලාය​. වරක් ඇය බොරැල්ල ප්‍රදේශයේ වනාතමුල්ල ආසන්නයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය වූ අතර මෙම විදුහල දියුණු කරනු වස් දක්‍ෂ ගුරුවරියන් තෝරාගෙන ඔවුන් ගේ සේවය පාසලට ලබා ගැනීමට උත්සුක වූවාය​. පාසලේ කටයුතු ආරම්භ කල මුල් මාසයේදීම අළුත් ගුරුවරියන් මුහුණු ඇද කරගෙන මෙම පාසලේ ළමයින් මුත්‍රා බර වූ විට "ටීචර් හුජ්ජ කරන්ඩ යන්ඩ පුළුවන් ද ? කියා අසන බව කීවාය​. මේ නිසා මගේ මව රැස්වීමක් කැඳවා ළමයින්ට අවවාද දුන්නාය​. " දැන් මේ පුංචි පුතාලාට චූ කරන්න ඕන උනොත්  ටොයිලට් යන්න පුලුවන් ද කියලා ටීචගෙන් අහන්න ඕනේ " කියා ඇය කීවාය​. ළමයින් හිස සලා එයට එකඟ වූහ​. පසු දින සිදු වූයේ අපූරු වෙනසකි. මවගේ අවවාදය වැඩ කල නමුදු ළමයින් මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට අත ඔසවා "ටීචර් ටොයිලට්  හුජ්ජ  කරන්ඩ යන්ඩ පුළුවන් ද ? කියා ඇසූහ​.

2 comments:

  1. හුජ්ජ යනු සුළුදිය යන වචනය ආශ්‍රයෙන් හැදුන වචනයක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook