Monday, March 12, 2018

ජීවන මාර්ගය

 

අපිත් හදමු නව පෙරමුණක්
රට ජාතිය ආගම බේරගන්න 
මුලින්ම හදමු බැංකු ගිණුමක්
මැදපෙරදිග කොරියාවේ යුරෝපයේ
ලෝකයේ හතර කොනේ ඉන්න 
අපේ මෝඩ වාහෙලාගෙන් 
ගරා ගන්න අත මිට මුදල් හදල් 

හේත්තු වෙමු අපි හොර ඇමතියෙක්ට
උගෙන් ගමු වාහන අමාත්‍යාංශයේ නමට
බොරුවට බුරමු පෙන්නා අපේ වැඩ කිඩ
මාසෙකට දෙකකට වරක් කොහේ හෝ තැනක  
උද්ගෝෂණය කරමු රට ජාතිය ආගම විනාසයි කියා

හොයාගමු මොකෙක් හෝ හතුරෙක්ව කොහෙන් හරි 
පෙන්වමු ඌ තමයි අපිව විනාශ කරන්න ඉන්නේ කියා
එක්‍ රැස් කරමු අපේ සේනාව ඉල්ලමු තව තවත් ආධාර 
සල්ලි ගිණුමට එනකොට යමු රට සවාරි 
විස්කි බ්‍රැන්ඩි හොරෙන් ගහමු නොපෙනෙන්නට 
නාරි මාංශයත් හොරෙන් විඳිමු පෙන්වමින් නික්ලේශී බව 
මේක කර ගමු අපේ ජීවන මාර්ගය  
එකම ආදායම් මාර්ගය ගොඩ යාමට හැකි 

1 comment:

  1. https://en.wikipedia.org/wiki/List_of_religious_leaders_convicted_of_crimes

    http://torontosun.com/2013/08/06/using-religion-to-spread-hate/wcm/8a52cf72-d9d7-4065-8e71-3cbab67ee025

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook